ඇමෙරිකාවේ SpaceX ආයතනයේ නිර්මාතෘ හා ප්‍රධානියා වන එලෝන් මස්ක්, අභ්‍යවකාශ තරණය ගැන බොහෝ උනන්දු පුද්ගලයෙකි. අභ්‍යකාශ තරණය සාමාන්‍ය හා අඩු වියදම් කාර්යයක් කරන්නට නිරන්තරයෙන් වෙර දරන එලෝන් මස්ක් සිය SpaceX සමාගම මගින් අභ්‍යකාශ ප්‍රවාහනය වානිජ කරණය කරන්නට සමත් වී තිබේ. එහි නවතම පියවර ලෙස SpaceX විසින් නිපදවන ලද නවතම අභ්‍යවකාශ නිපැයුම වශයෙන් අභ්‍යවකාශ ගාමීන් පළඳින අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයක් එළි දක්වන්නට පසුගියදා ඔවුන් සමත් වුනා.

මෙය පූර්ණ ක්‍රියාකාරී තත්ත්වයේ ඇති කට්ටලයක් බව එහිදී එලෝන් මස්ක් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මෙම ඇඳුම් කට්ටලය අභ්‍යවකාශ රික්තකයේ පීඩනය මෙන් දෙගුණයක අගයක් සඳහා ඔරොත්තු දෙන බව ද සඳහන්. බැලු බැල්මට ම නවීන විද්‍යා ප්‍රබන්ධ සිනමා පටයක දැක්වෙන ආකාරයේ සුපිරි පෙනුමක් මෙම අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය සතුව ඇති බව බැලු බැල්මට පෙනෙන්නට තිබෙන කරුණකි. එලෝන් මස්ක් ප්‍රකාශ කර සිටියේ පෙනුමට සරිලන ලෙසින්ම ක්‍රියාකාරීත්වයත් සැකසීම ඔවුන් මුහුණ දුන් ලොකුම අභියෝගය බවයි.

ඒ අනුව අභ්‍යවකාශ සංචාරයන් සඳහා මිනිසුන් හට අත්‍යාවශ්‍යම උපාංගයක් වන සුපිරි අභ්‍යවකාශ ඇඳුමක් ද දැන් SpaceX සතුය. අභ්‍යවකාශ යානා මෙන්ම අභ්‍යවකාශ ඇඳුම් ද තමා ම නිපදවා ගැනීම මගින් වියදම් අඩු කරගැනීම SpaceX හි අභිප්‍රායයි. මෙම නව ඇඳුම අභ්‍යවකාශ යානා තුළ පමණක් භාවිතා වන එකක් වන අතර යානාවෙන් පිටත කටයුතු සඳහා (EVA) සුදුසු නොවේ. මෙම නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය පිළිබඳ සියළු තොරතුරු ලඟදීම හෙළි කරන බව එලෝ්න් මස්ක් වැඩි දුරටත් පවසා සිටී...
0 comments: