
ගැලැක්සි S8 මාදිලියේ අනෙකුත් උපාංගයන් හි හැඩරුව හා නිර්මාණ සංකල්පයන් අනුව යමින් Galaxy Note 8 උපාංගය ද සැලසුම් කර ඇත. ඒ අනුව අනෙක් S8 උපාංගයන් මෙන්ම Infinity Display ලෙසින් හැඳින්වෙන දාර රහිත දර්ශණ තිරයකින් ද, උපාංගයේ ඉදිරිපස හා පසුපස යන දෙපැත්තේම වීදුරු වලින් නිර්මාණය කර තිබීම ද, උපාංගයේ පසුපස කොටසේ රඳවනු ලබන ඇඟිලි සටහන් කියවීමේ සංවේදකය ද අපට මෙම Galaxy Note 8 උපාංගයේ දීද බලාපොරොත්තු විය හැකියි.

Galaxy S8 හා Galaxy S8+ යන උපාංගයන් ගෙන් Note 8 උපාංගය වෙනස් වන්නේ ඒ හා අඩංගු කර ඇති S-Pen නම් සහායක උපාංගය නිසායි. මෙය පෑනක් මෙන් තිරය මත ඇඳිය හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබේ. Note 8 උපාංගය ජනප්‍රිය වන්නට බලපෑ ප්‍රධාන හේතුවක් වන්නේ ද මේ S-Pen එකයි. එසේම Note 8 හි අඟල් 6.3 ක දැවැන්ත තිරයත්, පසුපස ද්විත්ව කැමරා පිහිටුවා තිබීම හා Snapdragon 836 මාදිලියේ වඩාත් බලගතු ප්‍රොසෙසරයකින් බල ගැන්වීමත් යන කාරණා S8 පවුලේ අනෙකුත් උපාංගයන්ට වඩා Note 8 උපාංගය සුවිශේෂී වීමට හේතු කාරණා වී තිබේ.
මීට පෙර එළි දැක්වූ ගැලැක්සි S7 උපාංගය අධික ලෙස රත් වී පුපුරා යෑම හා ගිනි ගැනීම ආදී කාරණා නිසා පලුදු වී තිබුනු පාරිභෝගික විශ්වාසය නැවතත් දිනා ගැනීමට මෙම නව Galaxy Note 8 උපාංගය සමත් වෙනු ඇතැයි යන්න අපේ විශ්වාසයයි...
0 comments: