අප අද භාවිතා කරන ස්මාට් දුරකථන සියල්ලම පාහේ අයත් වන්නේ bar type ආකාරයටයි. එය එසේ වුවත් දැන් දැන් තාක්ෂණ ලෝකයේ ප්‍රවණතාවය වන්නේ හැකිලිය හැකි, නැවිය හැකි ආකාරයේ නම්‍යශීලී දුරකථනයන් නිපදවන්නටයි. පසුගිය නොැවම්බරයේ දී සැම්සුන් සමාගම විසින් මේ ආකාරයේ දුරකථනයක මූලකෘතියක් (prototype) ලොවට එළිදැක්වූවා. දැන් ඒ මාවතේ තවත් ඉදිරියට යමින්, Xiaomi සමාගම විසින් ක්‍රියාකාරී තත්ත්වයේ පවතින හැකිලිය හැකි ස්මාට් උපාංගයක් නිපදවන්නට සමත් වී තිබෙනවා.
සැම්සුන් දුරකථන මූලාකෘතිය දෙකට නමා හැකිලිය හැකි එකකි. නමුත් මේ Xiaomi මාදිලිය තුනට නැවිය හැකි ලෙසින් නිපදවා තිබෙනවා. මෙම උපාංගය හකුලුවා නැති විටදී සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් මෙන් දිස්වන අතර, ඉතා සිහින් දාර (bezels) සහිතයි. කෙසේ වෙතත් මෙය landscape ආකාරයට හරවා දෙපසින් ඇතුළට හැකිළි හැකි අතර, එවිට දෙපසින් ඇති කොටස් දෙක නැවී, පසුපසට වන අතර තිරය නිවී යන ආකාරය දැකිය හැකියි. මැද ඇති කොටස එවිට සාමාන්‍ය ස්මාට් දුරකථන තිරයක් මෙන් භාවිතා කළ හැකියි.
පහත වීඩියෝව නැරඹීමෙන් මෙය වඩාත් පැහැදිලි වේවි...
Xiaomi සමාගම තවමත් මේ දුරකථන මාදිලිය වෙළඳපොලට නිකුත් කිරීම පිළිබඳ කිසිවත් පවසා නැත. නමුත් මෙම නව හකුළන දුරකථනය "Xiaomi Dual Flex" හෝ "Xiaomi MIX Flex" ආකාරයෙන් හැඳින්වෙනු ඇති බවට අදහස් පළවී තිබෙනවා.
ප්‍රධාන පෙළේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් දුරකථන නිෂ්පාදකයින් සියළු දෙනාම පාහේ දැන් folding smartphone ආකාරයේ හැකිළිය හැකි උපාංග පිළිබඳව පර්යේෂණ කරමින් සිටිනවා. සැම්සුන් සමාගමේ Samsung Galaxy F දුරකථනය හා මෙහි දැක්වූ Xiaomi Dual Flex දුරකථන මාදිලින් මෙම නව තාක්ෂණයේ ආරම්භයයි. Huawei, LG, Motorola ආදී අනෙකුත් නිෂ්පාන සමාගම් ද මේ වන විට හැකිලිය හැකි දුරකථන සම්බන්ධයෙන් අත්හදා බලමින් සිටියි. තවත් වසර දෙක තුනකින් මේ තාක්ෂණය සාමාන්‍ය භාවිතාවක් බවට පත්වනු ඇති...
0 comments: