
Moto X4 මධ්‍යම කාණ්ඩයේ දුරකථනයකි. එම නිසා උසස් ඝණයේ ස්මාට් දුරකථන වල ඇති සුපිරි විශේෂාංග මෙයින් බලාපොරොත්තු විය නොහැකියි. කෙසේ වෙතත් මතුපිට පෙනුම ගැන කථා කරන විට නම් මෙය සුපිරි දුරකථනයක් ලෙසින් බැලු බැල්මට පෙනී යයි. නිමාව පිළිබඳ සැලකීමේදී ඉදිරිපස තිරය විශේෂත්වයක් නැති අතර, ඇඟිලි සලකුණු කියවනය (Finger Print Scanner) ඉදිරිපස තිරයේ ස්ථානගත කිරීම හොඳ ප්‍රවනතාවයක් ලෙසින් දැක්විය හැකියි.

අඟල් 5.2 ක Full HD තිරයක්, Qualcomm Snapdragon 630 ප්‍රොසෙසරයක් හා 3,000 mAh අධිබල බැටරියක් Moto X4 හි අඩංගු වනු ඇති. එසේම 3GB RAM මතකයකින් හා 32GB අභ්‍යන්තර මතක ගබඩාවකින් මෙය සමන්විත වනු ඇත. මුලින් සඳහන් කළ පරිදි ද්විත්ව කැමරා (Dual-Camera) අඩංගු වනු ඇති අතර එම කැමරා කාච දෙකට ඉහළින් dual-tone LED flash එකක් ස්ථානගත කර තිබෙන අයුරු දැකිය හැකියි. මෙම කැමරා ද්විත්වය 8MP (f/2.2, 120-degree FoV) හා 12MP (f/2.0) ලෙස දක්වා තිබේ. මීට අමතරව 16MP සෙල්ෆි කැමරාවක් ද දුරකථනයේ ඉදිරිපස අඩංගු කර ඇත.
මේ සියළු කාරණා නිළ නොවන තොරතුරු වන අතර අවසන් එළි දැක්වීමේදී මේ විශේෂාංග වෙනස් වනු ඇත. තවමත් Motorola Moto X4 හි මිළ ගණන් හෙළි කර නොමැත අතර එය බොහෝ විට පෙර දුරකථන මාදිලි වල මිල මට්ටමේම පවතිනු ඇතැයි අනුමාන කළ හැක...
0 comments: