
ඉන්ටෙල් සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ නවතම ප්‍රොසෙසර කාණ්ඩය වන Core i9 හි 7900X මාදිලියේ ප්‍රොසෙසරයක් ඉතා ඉහළ ඝටිකා වේගයකට (clock speed) Overclock කර වාර්තාවක් පිහිටුවන්නට පසුගියදා සමත් වුනා. Core i9-7900X ප්‍රොසෙසර මාදිලියේ core 10 ක් ඇති අතර මෙම ප්‍රොසෙසරයේ සම්මත වේගය වන 3.3GHz ඉක්මවා ගොස් 6 GHz (6,016MHz) දක්වා වූ දැවැන්ත වේගයක් ප්‍රොසෙසරයට ලබා දෙන්නට මෙම Overclock කිරීමේදී හැකියාව ලැබී තිබෙනවා. මෙම 6 GHz clock speed එක මේ කාණ්ඩයේ ප්‍රොසෙසර සඳහා වන නව Overclocking වාර්තාව බවට පත්වී තිබේ.

ද්‍රව නයිට්‍රජන් (LN2) උපයෝගී කර ගනිමින් ගොඩ නැංවූ සිසිලන පද්ධතියක් (cooler) මේ Overclock කිරීම සඳහා යොදා ගෙන තිබෙනවා. මෙහිදී පහත දැක්වෙන දෘඩාංග සැකසුම යොදා ගෙන තිබේ.
- 4GB G.Skill Trident Z DDR4 මතකය
- Gigabite X299 SOC Champion මව් පුවරුව
- 120GB Neutron GTX SSD හාඩ් ඩිස්කය
- Corsair Professional Gold Series 1500W බල සැපයුම
CPU-Z මෘදුකාංගය මගින් එම අවස්ථාවේදී ලබාගත් තිර රූපයක් පහත දැක්වේ...
0 comments: