ස්ලැක් මැසෙන්ජර් - Slack Messenger - ඇමසන් සමාගම විසින් මිලට ගනී ද ?



ස්ලැක් යනු ව්‍යාපාරික ලෝකයේ ජනප්‍රිය පණිවුඩ හුවමාරු කරගන්නා මෘදුකාංගයකි. බොහෝ ව්‍යාපාර ආයතනයන් ස්ලැක් භාවිතා කර සිය දෛනික කාර්යාලීය තොරතුරු හුවමාරු කර ගන්නා අතර එය කාර්යාලීය කාර්යක්ෂමතාවයට ද හේතු වී තිබේ. ස්ලැක් මෘදුකාංගය කුඩා මෘදුකාංග සමාගමක් වන අතර එය මේ වන විට අත් කරගෙන ඇති ජනප්‍රියභාවය හා ව්‍යාපාර ලෝකයේ අත්කර ගෙන ඇති බලපෑම නිසා මෘදුකාංග ලෝකයේ දැවැන්ත සමාගම් කීපයක්ම දැන් ස්ලැක් කෙරෙහි ඇස ගසා ගෙන සිටින බව නොරහසක්.

මේ වන විට ස්ලැක් හි වෙළඳපොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8 ක් පමණ වේ. පසුගිය වසරේ මයික්‍රොසොෆ්ට් සමාගම ස්ලැක් මිලදී ගන්නට ඉතා ආසන්නම සිටි නමුත් ඒ ගනුදෙනුව සිදු නොවීය. කෙසේ වෙතත් ඩොලර් බිලියන 8 ක් ලෙස ඉදිරිපත් කර තිබුණු ඒ ගනුදෙනුව නිසා ස්ලැක් සමාගමේ වටිනාකම තවත් ඉහළ ගිය බව නම් නොකියාම බැහැ. දැන් අළුතෙන්ම ලැබෙන පුවත් වලින් කියවෙන්නේ ස්ලැක් සමාගම ඩොලර් බිලියන 9 ක ලංසුවක් තබා ඇති බවයි. මේ ගැන ඇස ගසා සිටින්නේ ඇමෙරිකාවේ අන්තර්ජාල වෙළඳාමේ ප්‍රමුඛයා මෙන්ම දැවැන්ත අන්තර්ජාල තාක්ෂණික සමාගමක් වන ඇමසන් සමාගමයි.



ඇමසන් සමාගම විසින් ස්ලැක් මිලදී ගැනීම සම්බන්ධයෙන් තවමත් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. එමෙන්ම දෙපාර්ශවය අතර මේ ගනුදෙනුව සම්බන්ධයෙන් තවමත් විධිමත් කථාබහක් සිදු වී ඇති බවක්ද වාර්තා වෙන්නේ නැහැ. කෙසේ වුවත් ස්ලැක් මෘදුකාංගය ඇමසන් යටතට පත් වුවහොත් එය ඇමසන් සමාගමට විශාල ප්‍රතිලාභයක් ලෙස සැලකෙනවා. එයට හේතුව වන්නේ ව්‍යාපාරික විසඳුම් සඳහා දැනටමත් නමක් දිනා සිටින ඇමසන් සමාගමට ස්ලැක් සතුව ඇති දැවැන්ත පාරිභෝගික මූලය ඉතා වැදගත් වන නිසාවෙනි...


0 comments: