
අභ්‍යාවකාශය තුල දී විවිධ ඉදිකිරීම් හා නිර්මාණ කල හැකි ත්‍රිමාණ රොබෝ මුද්‍රණ යන්ත්‍රයක් දැන් එළි දක්වා තිබේ. මෙය හැඳින්වෙන්නේ Archinaut යන නමිනි. මෙය 3D Printer එකක් පමණක්ම නොවේ. මෙයට ඈඳා ඇති රොබෝ අත් වලින් ත්‍රිමාණව මුද්‍රණය කරන වස්තුව නිසි ලෙස සවි කරන්නට හැකියාව ඇති අතර, සංකීර්ණ ආකෘතියක් දක්වා ගොඩ නැංවීමට මෙම Archinaut හට හැකියාව ඇත. කලින් සැකසූ පරිගණක ආකෘතියකට අනුව අදාල වස්තුවක් ත්‍රිමානව නිර්මාණය කරවීමට මෙයට හැකියාව තිබේ. වඩාත් වැදගත් වන්නේ මෙය අභ්‍යවකාශයේ ශුන්‍ය ගුරුත්වයේ හා රික්තකයේ ඉතා හොඳින් ක්‍රියාත්මක වීමයි. ඒ නිසා මෙයට රොබෝ නිර්මාණ ශිල්පී ගගනගාමියෙක් ලෙසත් පවසන්නට පුුළුවන්.
මේ රොබෝ යන්ත්‍රයට අභ්‍යාවකාශය වැනි රික්තකයක් තුලත් පොලිමර් මිශ්‍ර විවිධ අමුද්‍රව්‍ය කොටස් මිශ්‍ර කරමින් මුද්‍රණය කරන්න පුළුවන්. මෙහි අනාගත භාවිතාවයන් අභ්‍යාවකාශය තුලම නිර්මාණය කරන විශාල අභ්‍යවකාශ යානා දක්වා ඉදිරියට දිවයන සුවිසල් පරාසයකට අයත් වෙනවා. මේ විශිෂ්ට රොබෝ "නිර්මාපකයා"නිර්මාණය කරන ලද්දේ ඇමරිකාවේ Made in Space සමාගම විසිනි. ඔවුන් මෙයට දී ඇති නම තමයි Archinaut. මීට පෙර මෙම සමාගම විසින් Zero Gravity එනම් ශුන්‍ය ගුරුත්වය යටතේ මුද්‍රණය කල හැකි 3D Printers නිර්මාණය කර ඇති අතර එම මුද්‍රණ යන්ත්‍ර මේ වන විටත් අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුල භාවිතයට ගනු ලබයි.
Archinaut යොදා ගනිමින් සිදු කරනු ලැබූ පරීක්ෂණ වල දී 85cm දිග පොලිමර් මිශ්‍ර දණ්ඩක් තාප රික්තක කුටීරයක් තුල නිර්මාණය කරන්න මෙම රොබෝවට පුළුවන් වී තිබෙනවා. මේ රොබෝගෙන් එළියට විහිදී ඇති රොබෝ අත් මගින් 3D print කරන දේවල් නිවැරදිව සම්බන්ද කර විශාල නිර්මාණයක් වුවත් කරන්නට පුළුවන්.
අනාගත අභ්‍යවකාශ නිර්මාණ තාක්ෂණ ක්ෂේත්‍රයේ දී මේ නව රොබෝ නිර්මාණය හුදෙක්ම ආරම්භයක් පමණි. අනාගතයේදී අභ්‍යවකාශ ගත වන සියල්ලම අභ්‍යවකාශයේ දීම තන්නනට මෙවැනි රොබෝ හමුදාවන් යෙදවෙනු ඇත.
Archinaut ගැන වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න.
0 comments: