
ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත iPhone 7S හා iPhone 8 උපාංග වෙළඳපොලට නිකුත් කිරීමෙන් පසු ඇපල් සමාගමේ ලාභය තවත් ඉහළ යනු ඇත. ඒ සමගින් ඇපල් සමාගමේ ලාභය සැම්සුන් හි ලාභය හා සමවෙනු ඇතැයි පෙනෙනු ඇත. නමුත් ඇත්තෙන්ම ඇපල් සමාගමේ නිෂ්පාදන වැඩි වැඩියෙන් විකිණීම යනු සැම්සුන් සමාගමේ ලාභය වැඩි වීමකි. ඇපල් උපාංග සඳහා ප්‍රොසෙසර, මෙමරි චිප් හා දුරකතන තිර ආදී සහායක උපාංග ලබාගන්නේ සැම්සුන් සමාගමෙනි. එම නිසා ඇපල් හි ලාභය වැඩි වීම යනු වක්‍රාකාරව සැම්සුන් හි ලාභය වැඩිවීමකි.

ස්මාට් දුරකථන වෙළඳාමට වඩා සැම්සුන් සමාගමට ලාභ ගෙන එන්නේ ප්‍රොසෙසර, මෙමරි චිප් හා දුරකතන තිර ආදිය නිෂ්පාදනය කිරීමයි. එය දළ වශයෙන් 60% කි. ජංගම දුරකථන නිෂ්පාදක සමාගම් රැසක් බිහි වී තිබුණත් ඒ සඳහා අවශ්‍ය අංගෝපාංග නිෂ්පාදනය කරන්නේ සැම්සුම් සමාගම ඇතුළු නිෂ්පාදන සමාගම් කීපයක් පමණි. විශේෂයෙන්ම OLED තිර නිෂ්පාදනයේ ප්‍රමුඛ ස්ථානය ලබා සිටින්නේ සැම්සුන් සමාගමයි. OLED අංශයෙන් ද විශාල ලාභයක් සැම්සුන් සමාගම උපයා ගනී.
ඇපල් සමාගමේ ලාභාංශ පරදවමින් ලෝකයේ වැඩිම ලාභයක් උපයන සමාගම වීම සැම්සුන් සමාගමට නම් උදම් වීම කාරණයකි. ඒ ඇමෙරිකානු ආධිපත්‍යය අභිබවා යමින් ආසියානු තාක්ෂණික සමාගමක් වශයෙන් සැම්සුන් සමාගමේ නැගී සිටීම සුවිශේෂී වන නිසායි...
0 comments: