කේත නාමය SM-N950F ලෙසින් හැඳින්වෙන Galaxy Note 8 උපාංගයේ මෙහෙයුම් පද්ධතිය Android 7.1.1 ලෙස සඳහන් වී තිබුණු බව HTML5Test වෙබ් අඩවියේ දැක්වේ. කෙසේ වුවත් හඳුන්වාදීමට නියමිත නවතම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වන Android O පද්ධතිය සමගින් Galaxy Note 8 උපාංගය එළි දැක්වීමට ද ඉඩ ඇත. කෙසේ වුවත් Galaxy Note 8 සඳහා දැනටමත් ස්ථාවර මෙහෙයුම් පද්ධති සංස්කරණයක් ලෙසින් සැලකෙන Android 7.1.1 නෝගට් භාවිතා කරනු ඇති අතර Android O (8.0) සඳහා පසුව යාවත්කාලීනයන් ලබාදෙනු ඇති බවට සැලකිය හැකියි.
HTML5Test වෙබ් අඩවියේ වෙබ් බ්‍රවුසර හැකියාව මනිනු ලබන ලකුණු ක්‍රමවේදයට අනුව, ඇපල් iPhone 7 Plus ස්මාට් දුරකථනය ලකුණු 415 ක් ලබා ඇති අතර Galaxy Note 8 උපාංගය 555 න් 488 ක් ලබා තිබේ.
තවත් ආරංචි මාර්ගයක් සඳහන් කර ඇත්තේ Galaxy Note 8 හි සංස්කරණ දෙකක් වෙළඳපොලට නිකුත් කරනු ඇති බවයි. එක් වර්ගයක් සඳහා 6GB RAM මතකයක් අඩංගු අතර එය ඇමෙරිකානු වෙළඳපොල ඉලක්ක කොට නිකුත් කෙරේ. අනෙක් ආකාරය සඳහා 8GB RAM මතකයක් ඇති අතර එය චීන වෙළඳපොලට නිකුත් කෙරෙනු ඇත. මීට පෙර නිකුත් වූ Galaxy S8 ස්මාට් දුරකථනය ද 4GB RAM අගයක් සහිතව නිකුත් කළ නමුත්, චීන වෙළඳපොල සඳහා 6GB RAM අගයක් සහිත සංස්කරණයක් නිකුත් කළ නිසා ඉහත අදහස පිළිගත හැකි බව පෙනේ.
Galaxy Note 8 උපාංගයේ දෘඪාංග හැකියාවන් බැලීමේදී Qualcomm Snapdragon 836 නම් නවතම ප්‍රොසෙසරය භාවිතා වනු ඇත. මේ ප්‍රොසෙසරය 8 Core වන අතර වේගය 2.6GHz තරම් ඉහළ අගයක් ගනු ඇති. GPU clock අගය 740MHz ලෙස සඳහන් වේ. මෙහි තිරය අඟල් 6.3 ක් වනු ඇති අතර එය Super AMOLED Infinity Display එකක් ලෙස සැලකේ. එමෙන්ම ඇඟිලි සලකුණු හඳුනා ගත හැකි fingerprint sensor එකක් ද මෙම තිරයට අඩංගු කර ඇත.
අභ්‍යන්තර මතකය ගැන සැලකීමේදී 128GB හා 256GB ලෙසින් අගයන් දෙකකින් යුතුව නිකුත් කිරීමට ඉඩක් ඇත. එමෙන්ම microSD මතකපත් සඳහා ද සහාය දක්වනු ඇත. S-Pen නම් වූ තිරය මත ඇඳීමට හා ලිවීමට භාවිතා කරන පන්හිඳ Galaxy Note හි සුවිශේෂීතාවයයි. ඒ සුවිශේෂීතාවය තවත් ඉදිරියට ගෙන යමින්, Galaxy Note 8 සඳහා ද්විත්ව පසුපස කැමරා (dual rear cameras) අන්තර්ගත කෙරෙනු ඇති බවටද මත පළ වී තිබේ.
ඉහත පළ වී ඇති කාරණා කිසිවක් සැම්සුන් සමාගමෙන් නිළ වශයෙන් ප්‍රකාශ කළ කාරණා නොවේ. ඒ නිසා සැබෑ නිෂ්පාදනය එළි දැක්වීමේදී මේ විශේෂාංග වෙනස් විය හැකියි. කෙසේ වුවත් සැම්සුන් සමාගමේ නවතම
Galaxy Note 8 උපාංගයේ හැකියාවන් හඳුනා ගැනීමට මෙය මනා පිටුවහලක් වනු ඇතැයි යන්න අපේ බලාපොරොත්තුවයි...
0 comments: