ගූගල් එක්ක පහසුවෙන් ජොබ් හොයන්න - Google for Jobs...

අපේ එදිනෙදා ජීවිතයේ සෑම සියලු දෙයකටම අපට සහය වන ගූගල් සෙවුම් යන්ත්‍රය දැන් තවත් අලුත් සේවාවක් හඳුන්වා දී තිබේ. ඒ රැකියාවක් සොයන අයට වඩාත් පහසුවෙන් තමන්ට අවශ්‍ය රැකියාව සොයා ගැනීමට Google for Jobs නම් සේවාව දියත් කිරීමයි.

මෙය ගූගල් හි වැඩිදියුණු කරන ලද සෙවුම් ප්‍රතිඵල සේවාවකි. එමෙන්ම මේ සඳහා ස්වයංක්‍රීය කෘතිම බුද්ධි වැඩසටහන් උපයෝගී කර ගෙන තිබේ.  Google's Cloud Jobs API නම් තාක්ෂණයද මේ සඳහා යොදාගෙන තිබේ. රැකියා බලාපොරොත්තු වන අය සහ සේවායෝජකයන් අතර වඩාත් හොඳ සම්බන්ධතාවයක් මෙමගින් ගොඩ නැගෙනු ඇතැයි ගූගල් සමාගම බලාපොරොත්තු වෙයි.


රැකියා සඳහා සෙවුම් කිරීමේ මේ සේවාව දැන් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඩෙස්ක්ටොප් හා මොබයිල් උපාංග සඳහා ලබාගත හැකියි. "jobs near me" හෝ "teaching jobs" වැනි සෙවුම් වදනක් භාවිතා කරමින් ඔබට රැකියා සඳහා සෙවුම් කළ හැකියි. Google for Jobs සේවාව මගින් ඔබට වඩාත් ගැඹුරු ලෙස හා ඔබට අවශ්‍ය ලෙසට සැකසුම් කරමින් රැකියා සෙවිය හැකිවීම විශේෂ පහසුවකි.

රැකියා අවස්ථා ලබාදීම සඳහා ගූගල් සමාගම විවිධ සමාගම් රැසක් සමගින් සම්බන්ධ වී ඇත. LinkedIn, Monster, WayUp, DirectEmployers, CareerBuilder, Glassdoor, Facebook යනු එයින් සමාගම් කීපයක් පමණි. ඉදිරියේදී මේ සේවාව තවත් පුළුල් කිරීමටත්, තවත් පහසු කිරීමටත් ගූගල් සමාගම බලාපොරොත්තු වේ.

Google for Jobs පිළිබඳව පහත වීඩියෝවෙන් තවත් විස්තර දැකගත හැකිවනු ඇත...


0 comments: