Google Assistant දැන් Google Map වලටත්...


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත කෘතිම බුද්ධි සහායකයෙක් ලෙස ක්‍රියා කරන ගූගල් සමාගමේ Google Assistant සේවාව ළඟදීම google map වෙතටත් ලබා දෙන බව ගූගල් සමාගම ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව පසුගිය දෙසැම්බරයේ සිට මෙම පහසුකම පරිශීලකයින් හට ක්‍රමිකව දියත් කරමින් පවතිනවා.

Google Assistant පහසුකම Google Maps වෙතට ලබාදීම මගින් රියදුරන් හට ඉතා පහසුවෙන් Google Maps සමග කටයුතු කළ හැකියි. මේ නිසා කටහඬ මගින් විධාන ලබාදිය හැකි අතර දුරකථනය ස්පර්ශ නොකරම Google Maps සමග කටයුතු කල හැකියි. ධාවනය අතරතුර දුරකථනය ‍දෙස බැලීම හා එය වෙත විධාන දීම වැනි අනතුරුදායක ක්‍රියාකාරකම් කටහඬ මගින් විධාන දීමෙන් මගහැර ගත හැකිවීම මෙහි ඇති විශේෂම වාසියයි. එමෙන්ම Google Maps වෙත ලබාදෙන විධාන සඳහා ප්‍රතිචාරයන් ද හඬ ආකාරයෙන් ලබාදීම නිසා දුරකථනය දෙස බැලීමකින් තොරව මාර්ගය වෙත අවධානය යොමු කරගනිමින් ආරක්ෂිතව ධ‍ාවනය කරන්නට රියදුරන් හට ඉඩ සැලසෙනවා.


Google Assistant පහසුකම සක්‍රීය කරන ලද Google Maps සංස්කරණයේදී ඔබට එහි දකුණු පසින් මයික්‍රෆෝනයක අයිකනයක් දැකගත හැකි අතර, තිරයේ පහළ තීරයේ Google Assistant ක්‍රියාත්මක වනු ඇත. ඔබ ලබාදෙන ගමනාන්තය වෙත ලඟා විය හැකි කාලය, එය වෙත ඇති දුර ආදී වැදගත් තොරතුරු සියල්ල Google Assistant මගින් ඔබට ලබාගත හැකියි. Google Assistant පහසුකම භාවිතා කරද්දී පරිශීලකයා Google Maps වෙතින් ඉවතට යැවීමක් සිදු නොකරයි. මේ නිසා රිය ධාවනය සඳහා අවම බාධාවකින් යුතුව Google Maps පාවිච්චි කළ හැකියි.

මෙම නවතම පහසුකම ඔබේ දුරකථනයටත් ළඟදීම ලැබෙනු ඇති. Android හා iOS යන මෙහෙයුම් පද්ධති දෙකටම අදාලව මෙම පහසුකම ලබාදෙන බව ගූගල් සමාගම සඳහන් කරනවා. මේ අනුව ඉදිරියේදී ඔබටත් “Hey Google, take me home” යන විධානයෙන් Google Maps සක්‍රිය කර ධාවනය ඇරඹීමට හැකි වනු ඇති...

0 comments: