
වට්ස්ඇප් ගොඩාක් ජනප්‍රිය වුනේ දත්ත ආරක්ෂාව නිසායි. වට්ස්ඇප් massage එකක් යවද්දී ඒක ආරක්ෂිතව කේතනය (encrypt) වෙන නිසා, තෙවන පාර්ශවයකට මේ පණිවුඩ කියවන්න බැහැ. මේ හේතුව නිසාම, ආරක්ෂිතව මුදල් හුවමාරු කරන එක වට්ස්ඇප් වලට ලොකු දෙයක් නොවෙයි.
cryptocurrency තාක්ෂණයෙන් බල ගැන්වුනු බිට්කොයින් ආකාරයේ මුදල් ඒකකයක් ෆේස්බුක් සමාගම විසින් හඳුන්වා දීමට නියමිතයි. මෙය stablecoin යන නමින් දැනට නම් කර තිබෙනවා. blockchain තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය පිළිබඳව බොහෝ තාක්ෂණික සමාගම් උනන්දුවක් දක්වනවා. ෆේස්බුක් සමාගමත් cryptocurrency ක්ෂේත්‍රය වෙත නැඹුරු වන්නට ඇත්තේ මේ ප්‍රවණතාවය නිසායි.
blockchain තාක්ෂණය මගින් ක්‍රියාත්මක වන cryptocurrency මුදල් ඒකක ආරක්ෂාව හා අනන්‍යතාවය යන අංශ වලින් බොහෝ ඉදිරියෙන් සිටිනවා. මේ නිසාම වට්ස්ඇප් වැනි ආරක්ෂාකාරී පණිවුඩ හුවමාරු සේවාවක් ඔස්සේ ඩිජිටල් මුදල් හුවමාරු කරන්නට පරිශීලකයන් හට අමුතුවෙන් පෙළඹීමක් කරන්නට සිදුවෙන එකක් නම් නැහැ. ඒ අනුව බලනකොට, ඉදිරි දිනයකදී වට්ස්ඇප් යාළුවෙක් හදිසියකට සල්ලි ඉල්ලුවොත්, වට්ස්ඇප් වලින්ම යාළුවට සල්ලි යවන්න ඔයාලට පුළුවන්කම ලැබේවි...!
0 comments: