ආරම්භයේ සිටම අන්තර්ජාල බ්‍රවුසර් අතර පෙරමුණේ සිටියේ මයික්‍රොසොෆ්ට් සමාගමේ මුල් කාලීන බ්‍රවුසරය වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් බ්‍රවුසරයයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග පැමිණි ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් බහුතරයකගේ එකම තේරීම විය. නමුත් කාලයත් සමග එක්ප්ලෝරර් බ්‍රවුසරයට තරඟකරුවන් බිහිවිය. නෙට්ස්කේප් නැවිගේටර්, සෆාරි හා ෆයර්ෆොක්ස් යනු එසේ තරඟ කළ මුල් කාලීන බ්‍රවුසර කීපයකි.
කෙසේ වුවත් ගූගල් සමාගම විසින් ක්‍රෝම් බ්‍රවුසරය හඳුන්වා දීමෙන් පසු එය දිනෙන් දිනම ජනප්‍රිය වන්නට පටන් ගත් අතර ස්වල්ප කාලයකින්ම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් අභිභවා යමින්, අන්තර්ජාල බ්‍රවුසර යුද්ධයෙන් ජය ලබන්නට සමත් විය. එදා සිට අද දක්වාම ක්‍රෝම් හි කිරුළට අභියෝග කරන්නට කිසිදු බ්‍රවුසරයකට හැකිවී නැත.
පසුගියදා නිකුත් වූ නවතම අන්තර්ජාල සමීක්ෂණ වාර්තා අනුව අන්තර්ජාල බ්‍රවුසර භාවිතාවයෙන් 60% ක් අයත් වන්නේ ක්‍රෝම් බ්‍රවුසරයට යි. පුද්ගලික පරිගණක (PC) වලින් 90 කටත් වඩා භාවිතා කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වුවත්, මයික්‍රොසොෆ්ට් හි එජ් (Edge) බ්‍රවුසරයට හිමිව ඇත්තේ 5% ක භාවිත ප්‍රතිශතයක් පමණි. නමුත් මයික්‍රොසොෆ්ට් හි පැරණි බ්‍රවුසරය වන ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් දෙවැනි තැන පසුවන්නේ 16% ක භාවිත ප්‍රතිශතයක් හිමි කර ගනිමිනි...
0 comments: