හකුලන්නට පුළුවන් අළුත් ස්මාට්ෆෝන්


අප අද භාවිතා කරන ස්මා‍ට් දුරකථන සියල්ලම පාහේ අයත් වන්නේ bar type ආකාරයටයි. එය එසේ වුවත් දැන් දැන් තාක්ෂණ ලෝක‍යේ ප්‍රවණතාවය වන්නේ හැකිලිය හැකි, නැවිය හැකි ආකාරයේ නම්‍යශීලී දුරකථනයන් නිපදවන්නටයි. පසුගිය නොැවම්බරයේ දී සැම්සුන් සමාගම විසින් මේ ආකාරයේ දුරකථනයක මූලකෘතියක් (prototype) ලොවට එළිදැක්වූවා. දැන් ඒ මාවතේ තවත් ඉදිරියට යමින්, Xiaomi සමාගම විසින් ක්‍රියාකාරී තත්ත්වයේ පවතින හැකිලිය හැකි ස්මාට් උපාංගයක් නිපදවන්නට සමත් වී තිබෙනවා.



සැම්සුන් දුරකථන මූලාකෘතිය දෙකට නමා හැකිලිය හැකි එකකි. නමුත් මේ Xiaomi මාදිලිය තුනට නැවිය හැකි ලෙසින් නිපදවා තිබෙනවා. මෙම උපාංගය හකුලුවා නැති විටදී සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් මෙන් දිස්වන අතර, ඉතා සිහින් දාර (bezels) සහිතයි. කෙසේ වෙතත් මෙය landscape ආකාරයට හරවා දෙපසින් ඇතුළට හැකිළි හැකි අතර, එවිට දෙපසින් ඇති කොටස් දෙක නැවී, පසුපසට වන අතර තිරය නිවී යන ආකාරය දැකිය හැකියි. මැද ඇති කොටස එවිට සාමාන්‍ය ස්මාට් දුරකථන තිරයක් මෙන් භාවිතා කළ හැකියි.

පහත වීඩියෝව නැරඹීමෙන් මෙය වඩාත් පැහැදිලි වේවි...


Xiaomi සමාගම තවමත් මේ දුරකථන මාදිලිය වෙළඳපොලට නිකුත් කිරීම පිළිබඳ කිසිවත් පවසා නැත. නමුත් මෙම නව හකුළන දුරකථනය "Xiaomi Dual Flex" හෝ "Xiaomi MIX Flex" ආකාරයෙන් හැඳින්වෙනු ඇති බවට අදහස් පළවී තිබෙනවා.

ප්‍රධාන පෙළේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් දුරකථන නිෂ්පාදකයින් සියළු දෙනාම පාහේ දැන් folding smartphone ආකාරයේ හැකිළිය හැකි උපාංග පිළිබඳව පර්යේෂණ කරමින් සිටිනවා. සැම්සුන් සමාගමේ Samsung Galaxy F දුරකථනය හා මෙහි දැක්වූ Xiaomi Dual Flex දුරකථන මාදිලින් මෙම නව තාක්ෂණයේ ආරම්භයයි. Huawei, LG, Motorola ආදී අනෙකුත් නිෂ්පාන සමාගම් ද මේ වන විට හැකිලිය හැකි දුරකථන සම්බන්ධයෙන් අත්හදා බලමින් සිටියි. තවත් වසර දෙක තුනකින් මේ තාක්ෂණය සාමාන්‍ය භාවිතාවක් බවට පත්වනු ඇති...

0 comments:

Google Assistant දැන් Google Map වලටත්...


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත කෘතිම බුද්ධි සහායකයෙක් ලෙස ක්‍රියා කරන ගූගල් සමාගමේ Google Assistant සේවාව ළඟදීම google map වෙතටත් ලබා දෙන බව ගූගල් සමාගම ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව පසුගිය දෙසැම්බරයේ සිට මෙම පහසුකම පරිශීලකයින් හට ක්‍රමිකව දියත් කරමින් පවතිනවා.

Google Assistant පහසුකම Google Maps වෙතට ලබාදීම මගින් රියදුරන් හට ඉතා පහසුවෙන් Google Maps සමග කටයුතු කළ හැකියි. මේ නිසා කටහඬ මගින් විධාන ලබාදිය හැකි අතර දුරකථනය ස්පර්ශ නොකරම Google Maps සමග කටයුතු කල හැකියි. ධාවනය අතරතුර දුරකථනය ‍දෙස බැලීම හා එය වෙත විධාන දීම වැනි අනතුරුදායක ක්‍රියාකාරකම් කටහඬ මගින් විධාන දීමෙන් මගහැර ගත හැකිවීම මෙහි ඇති විශේෂම වාසියයි. එමෙන්ම Google Maps වෙත ලබාදෙන විධාන සඳහා ප්‍රතිචාරයන් ද හඬ ආකාරයෙන් ලබාදීම නිසා දුරකථනය දෙස බැලීමකින් තොරව මාර්ගය වෙත අවධානය යොමු කරගනිමින් ආරක්ෂිතව ධ‍ාවනය කරන්නට රියදුරන් හට ඉඩ සැලසෙනවා.


Google Assistant පහසුකම සක්‍රීය කරන ලද Google Maps සංස්කරණයේදී ඔබට එහි දකුණු පසින් මයික්‍රෆෝනයක අයිකනයක් දැකගත හැකි අතර, තිරයේ පහළ තීරයේ Google Assistant ක්‍රියාත්මක වනු ඇත. ඔබ ලබාදෙන ගමනාන්තය වෙත ලඟා විය හැකි කාලය, එය වෙත ඇති දුර ආදී වැදගත් තොරතුරු සියල්ල Google Assistant මගින් ඔබට ලබාගත හැකියි. Google Assistant පහසුකම භාවිතා කරද්දී පරිශීලකයා Google Maps වෙතින් ඉවතට යැවීමක් සිදු නොකරයි. මේ නිසා රිය ධාවනය සඳහා අවම බාධාවකින් යුතුව Google Maps පාවිච්චි කළ හැකියි.

මෙම නවතම පහසුකම ඔබේ දුරකථනයටත් ළඟදීම ලැබෙනු ඇති. Android හා iOS යන මෙහෙයුම් පද්ධති දෙකටම අදාලව මෙම පහසුකම ලබාදෙන බව ගූගල් සමාගම සඳහන් කරනවා. මේ අනුව ඉදිරියේදී ඔබටත් “Hey Google, take me home” යන විධානයෙන් Google Maps සක්‍රිය කර ධාවනය ඇරඹීමට හැකි වනු ඇති...

0 comments:

ෆේස්බුක් සමාගමත් cryptocurrency වැඩ අල්ලයි..


වට්ස්ඇප් (Whatsapp) කියන්නේ දැනට ලෝකෙ තියෙන ලොකුම messaging app එකක්. 2014 දී ෆේස්බුක් සමාගම විසින් වට්ස්ඇප් මිලට ගැනීමත් එක්ක වට්ස්ඇප් වලට තව තවත් අළුත් විශේෂාංග එකතු වුනා. ෆේස්බුක් සමා‍ගමෙන් ලැබෙන අළුත්ම ආරංචි වලට අනුව නම්, ළඟදීම වට්ස්ඇප් හරහා cryptocurrency ආකාරයෙන් මුදල් හුවමාරු කරගන්නත් පරිශීලකයන්ට ඉඩ ලැබෙනවා ඇති.

වට්ස්ඇප් ගොඩාක් ජනප්‍රිය වුනේ දත්ත ආරක්ෂාව නිසායි. වට්ස්ඇප් massage එකක් යවද්දී ඒක ආරක්ෂිතව කේතනය (encrypt) වෙන නිසා, තෙවන පාර්ශවයකට මේ පණිවුඩ කියවන්න බැහැ. මේ හේතුව නිසාම, ආරක්ෂිතව මුදල් හුවමාරු කරන එක වට්ස්ඇප් වලට ලොකු දෙයක් නොවෙයි.

cryptocurrency තාක්ෂණයෙන් බල ගැන්වුනු බිට්කොයින් ආකාරයේ මුදල් ඒකකයක් ෆේස්බුක් සමාගම විසින් හඳුන්වා දීමට නියමිතයි. මෙය stablecoin යන නමින් දැනට නම් කර තිබෙනවා. blockchain තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය පිළිබඳව බොහෝ තාක්ෂණික සමාගම් උනන්දුවක් දක්වනවා. ෆේස්බුක් සමාගමත් cryptocurrency ක්ෂේත්‍රය වෙත නැඹුරු වන්නට ඇත්තේ මේ ප්‍රවණතාවය නිසායි.

blockchain තාක්ෂණය මගින් ක්‍රියාත්මක වන cryptocurrency මුදල් ඒකක ආරක්ෂාව හා අනන්‍යතාවය යන අංශ වලින් බොහෝ ඉදිරියෙන් සිටිනවා. මේ නිසාම වට්ස්ඇප් වැනි ආරක්ෂාකාරී පණිවුඩ හුවම‍ාරු සේවාවක් ඔස්සේ ඩිජිටල් මුදල් හුවමාරු කරන්නට පරිශීලකයන් හට අමුතුවෙන් පෙළඹීමක් කරන්නට සිදුවෙන එකක් නම් නැහැ. ඒ අනුව බලනකොට, ඉදිරි දිනයකදී වට්ස්ඇප් යාළුවෙක් හදිසියකට සල්ලි ඉල්ලුවොත්, වට්ස්ඇප් වලින්ම යාළුවට සල්ලි යවන්න ඔයාලට පුළුවන්කම ලැබේවි...!

0 comments: