
ස්ටීවන් හෝකින් ලන්ඩනයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙක් ලෙස කටයුතු කරමින් සිටි අතර, භෞතික විද්‍යාව, ගණිතය හා අජඨාකාශ විද්‍යාව වැනි ක්ෂේත්රයන් හි විප්ලවීය සොයාගැනීම් රැසක් ඉදිරිපත් කරන්නට යෙදුණි. මේ හේතුවෙන් 21 වන සියවසේ මහා විද්‍යාඥයා යන විරුදාවලිය ද හෝකින් හට ලැබී තිබුණා. විශේෂයෙන්ම කළු කුහර හා සාපේක්ෂතාවාදය පිළිබඳ නවතම විද්‍යාත්මක න්‍යායන් රැසක් ඔහු විසින් ලොවට ඉදිරිපත් කර ඇත. "A Brief History of Time." ඇතුළු ග්රන්ථ රැසක් ද ඔහු විසින් සම්පාදනය කර තිබේ.

සිරුර අක්‍රිය වන ස්නායු පරිහානික රෝගයකින් පීඩා විඳිමින් වුවත්, වසර 76 ක් පුරා ලෝකයට සිය දැනුම බෙදා දෙන්නට හෝකින් සමත් වුනා. ඔහුට ජීවත් විය හැක්කේ මාස 18 ක් පමණයි යනුවෙන් වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණි. සිරුර අකි‍්‍රය වී රෝද පුටුවකට සීමා වුනත් හෝකින්ගේ මොළය ඉතාමත් තියුණු වෙමින් කි‍්‍රයා කරන්න පටන් ගත්තා. වෛද්‍යවරුන් කියූ ආකාරයට ඔහු මාස 18 කින් මිය නොගියත්, රෝගය නිසා මුළු සිරුරම අප්‍රාණික වී රෝද පුටුවට සීමා වූ ඔහුට කතා කරන්න පවා බැරිවුණා. ඒත් ඔහු විද්‍යාත්මක පර්යේෂණ කිරීම හා පොතපත ලිවීම මඳකින්වත් නැවැත්තුවේ නෑ. ඔහු අදහස් හුවමාරු කරගත්තේ රෝද පුටුවට සම්බන්ධ විශේෂ පරිගණකයක් හරහායි. එම පරිගණකය කි‍්‍රයා කරන්නේ හෝකින්ගේ ඇසෙන් හා මොළයෙන් නිකුත් කරන සංඥාවලින් වීම විශේෂත්වයක්.
ජීවිතයේ අවසාන භාගයේදී දැඩි ලෙස රෝගාතුර පසු වූ ඔහු පිටස්තර ලෝකය සමග සම්බන්ධ වූයේ ඉතා අඩුවෙන්. එසේ වුවත් පසුගිය වසරේදී ඔහු කෘත්‍රිම බුද්ධිය නිසා මනුෂ්‍ය වර්ගයාට ඇතිවන තර්ජනය ගැන අනතුරු ඇඟවීමත්, මිනිසා පෘථිවියට පමණක් සීමා නොවී අඟහරු ඇතුළු වෙනත් ජනාවාස වෙත සංක්‍රමණය වීමේ වැදගත්කමත් පැහැදිලි කරමින් සාරගර්භ කථා රැසක් පවත්වන්නට යෙදුණා.
නූතන විද්‍යා ක්ෂේත්රය එළිය කරමින් විශේෂ කාර්යභාරයක් ඉටු කර ස්ටීවන් හෝකින් ගේ නාමය ඇල්බට් අයින්ස්ටයින් මෙන්ම රන් අකුරින් ලියවෙන නාමයක් වනු ඇති. ඉතින් විදුධරයාණෙනි, ඔබට සුභ ගමන් !!!
0 comments: